tag:blogger.com,1999:blog-68749615962353114622024-03-13T10:13:11.093-07:00සකිසඳමඬලප්රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6874961596235311462.post-26078455925543470992016-10-27T19:18:00.000-07:002016-10-27T19:18:09.996-07:00සියවස අභිමුව සැනැහෙන විදු මව

2018 වසරේ සැප්තැම්බරයේ අපගේ අාදරණීය බණ්ඩාරනායක විදු මෑණියන් සිය අභිමානනීය සියවසර සම්පූර්ණ කරන්නී ය. අැය සිය 75 වන සංවත්සරය සම්පූර්ණ කළේ 1993 වසරේදී ය. එම වසරේ විද්‍යාලයෙන් පළ කෙරුණු 'සිල්ප දෙනු මැයි' සඟරාවේ තෙවන කලාපයට 'දිගන්තය' යන මැයෙන් ලිපියක් එවක 12 වසර J පංතියේ උගනිමින් සිටි පුෂ්පකුමාර ගුණවර්ධන සොයුරා විසින් සම්පාදනය කරන ලදී. පහත පළ වන්නේ එම ලිපියයි. බණ්ඩාරනායක විදු මව තුරුලෙහි මතකයන් අලුත් කරන මෙම ලිපිය, ඔබගේ මෙබඳු එෙතිහාසික මතකයන් ද ලියන්නට පොළඹවන උත්ප්‍රේරකයක් වනු අැතැයි සිතමි.

ගම්පහ, බණ්ඩාරනායක මෑණියන් සිය දරුවන් ද කැටුව සැත්තෑපස් විය පසු කරමින් සිටී. කොතෙක් වයස්ගත වුව ද අැය ගතින් මෙන් ම සිතින් ද තරුණ ය, හැඩිදැඩි ය. ඒ ධරණිතලයට පා තබන ළපැටියෝ අැගේ තනපුඩුවෙහි එල්ලී අමෘත කිරි රස බොමින් දිව්‍යාත්මය ලබති. අැගේ අැකයෙන් බසින දරුවෝ ශාස්ත්රාවතරණයෙහි උත්සුක වෙති. මුළු විශ්වයට ම පැහැබර හෙටක් වෙනුවෙන් සටන් වදිති. මව් ගුණ අමතක නො කළ ඒ දිව්‍ය පුත්‍රයෝ තම මව කවා පොවා නහවා සනසති. අැය විඳි දුක් කම්කටොලු සියල්ලක් ම අැගේ අාධ්යාත්මගතව පවතින නමුදු අැය ඒ තුළින් නො සැලෙන අාත්ම ශක්තියක් වඩවාගෙන අැත. කෙසේ වතුදු අැය තව සිය දහස් ගණනක් දරුවන් එන තුරාවට අෑත අනන්තය දෙස දෑස් අයා ප්‍රීති ප්‍රමෝදයෙන් බලා සිටින්නී ය.

යුරෝපාධිපත්යයේ දරුණු හස්ථය මත උදා වූ එක්තරා අන්ධකාර යුගයක ඔවුහු සිය ගමන් අාරම්භ කළහ. බලෝභීත්වය, පීඩනය, අපේක්ෂාභංගත්වය දේශය තුළ රජයමින් පිහිටි මොහොතක ඔවුහු අදිටනින් තම ගමන් අැරඹූහ. වර්තමාන නගර සභා පිටිය අසල ඔවුහු ලැගුම් ගත්තාහ.

එහිදී ඔවුහු නොයෙක් දේ පුහුණු කළාහ. ජගත් ශක්තිය විසින් ද, ඉෂ්ට අනිෂ්ට ශක්තිය විසින් ද සිදුවිය යුතු බොහෝ දේ ඔවුහු වෙනස් කළහ.

කොළඹින් බැහැර කිසිදු සටනක් ඔවුන්ට නො තිබුණේ ය. ඒ භූමිය මත ලෙයත්, දහඩියත් හෙලූ ඔවුහු මනා පරිචයක් ලද්දාහ. ඒ ධීර වීර යුග පුරුෂයින්ගේ මතක සටහන් විටෙක අප අානන්දයෙන් පුරවා ලයි. විටෙක හදවත දැදුරු වී යන තරමේ කම්පනයක් හට ගනී.

දේශය වෙනුවෙන් බණ්ඩාරනායක මාතාව බොහෝ ශිෂ්‍ය භටයන් බිහි කළා ය. ඔවුහු හැමතින් ම නිපුණයෝ වූහ. හිටපු ශිෂ්‍ය භටයින් මෙන් ම, විදුහල්පතිවරු ද අතීත ස්මරණයන් අානන්දයෙන් සිහිපත් කරති.

ශ්‍රී ලංකාවේ ම නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂවර වීරකෝන් මැතිවරයා ශිෂ්‍ය භට කණ්ඩායම දැක (1920-1930 අතර කාලයෙහි) Plenty! Excellent!(විශිෂ්ටයි ! දර්ශනීයයි!) යනුවෙන් උදම් අැනුවේ ඔවුනගේ නිපුණත්වය නිසා ය.

වරෙක ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අධ්යක්ෂවර එල්. මැක්රේ මෙහි පැමිණ, 'කොළඹ රාජකීය විද්‍යාලයට පමණක් දෙවැනි වන එක ම ශිෂ්‍ය භට ඛණ්ඩය මෙයයි' යනුවෙන් උදම් අැනුවේ (1920-1930 අතර) ඔවුනගේ අධි ශක්තිය නිසා ය.

බණ්ඩාරනායක ළපැටියෝ අගනා අත්දැකීම් රාශියක් ලද්දාහ. ඒ අත්දැකීම් මතින් ඔවුහු ශිෂ්‍ය ජීවිතය මුවහත් කර ගත්තාහ. වසරක් පාසා පැවැත්වෙන වෙඩි තැබීම් කඳුවුරුවලට ශිෂ්‍ය භටයෝ සිය ලෙයත්, දහඩියත් මුසු කළාහ.

දිවා රාත්‍රී සහෝදරත්වයෙන් අානන්දය ලදහ. සහෝදරත්වයෙන් අාහාරය ලද්දාහ. ශිෂ්‍ය භට නිලධාරීහු නායකත්වය පිළිබඳව මනා පරිචයක් ලදහ. බොහෝ සැතපුම් ගණන් දහඩිය වගුරුවමින් ඉරු සඳු හා සටන් වැදුනාහ. ගමන්මලු අායුධ රැගෙන මිහිකත තෙත් කළාහ.

එය පනහේ දශකයේ එක්තරා රාත්‍රියකි. ශිෂ්‍යයෝ රාත්‍රියේ විදුහලෙහි ලැගුම් ගත්තාහ. එය ප්‍රීති ජනක රාත්‍රියක් විය. උදේ පාන්දර මහා කලබැගෑනියකි. ශිෂ්‍යයින් විසින් රාත්‍රියේ නගරයේ සියලු ම නීතිඥ මහතුන්ගේ කාර්යාලවල නාම පුවරු ගලවා එකිනෙක මාරු කර තිබිණි. නීතිඥවරු හමුවීමට පැමිණි වැසියෝ මංමුලා වූහ. නීතිඥවරු අඩ දබර කර ගත්හ.

ඒ අානන්දනීය මතක සටහන් හා පරිචය තුළින් ඔවුහු සමස්ත ලංකා බොක්සිං ශූරතාව ලදහ. සමස්ත ලංකා මලල ක්‍රීඩා ශූරතාව ලදහ.

ඉතාමත් දුර බැහැර ප්‍රදේශවලින් බණ්ඩාරනායක මෑණියන්ගේ අැකයට දරුවෝ පිවිසියහ. ඒ දරුවෝ මහත් අානන්දයෙන් අැගේ කිරි රස වින්දාහ. සැතපුම් හයක් හතක් දෙපයින් විත් තම මව් අැකයට වදින ඔවුහු, ඒ අතරමඟදී මනා පරිචයක් ලදහ. සැතපුම් පහක් හයක් දුර ගෙවන ශිෂ්‍යයෝ අතරමඟදී මාදං, පෙර, හිඹුටුවල පහස ලදහ. නිවසේ සිට ජව වේගයෙන් පාසල කරා දිව්වාහ. මෙය ලියන මගේ, පියාණන් පාඩම් පොතත් පෙරළාගෙන පාසල කරා දිව්වේය යන ප්‍රවෘත්තිය අසන මගේ සිත ඒ දිළිඳු මිනිසා පිළිබඳ ව මතක් වෙමින් දුකින් පිරී යයි. යන එන හැම දිනක ම අසල වලව්වක සිටි සුනඛයෝ සපා කෑමට ඔවුන් පසුපස අා හැටි ඔවුන් අානන්දයෙන් මතක් කරති.

ශිෂ්‍ය භටයනට ඉතාමත් ප්‍රීති ජනක මොහොතකි, ඔවුන්ගේ දුම්රිය ගමන. දුම්රිය මැදිරිය විනෝදාගාරයකි. දුම්රිය තුළ ගිනිමැල ගසා කෙළි කළහ.

රාත්‍රිය දිනපතා නිවාසවල වෙසෙන සිසුන්ගේ දින චර්යා අතර වැදගත් එකක් විය. සියල්ලන් ම නිදිගත් විට කෝච්චි සඳහා සංඥා සපයන කම්බි ඔවුහු ගුරු-ශිෂ්‍ය නිවාස කරා අැදගෙන ගොස් දුම්රිය පමා කළහ. ඔවුනට අැති වූ කල්හි එය අතහැර ගොස් නින්දට වන්හ.

වාර්ෂික ක්‍රීඩා මහෝත්සවය ඉතාමත් ප්‍රිය ජනක එකක් වූයේය. එක් දිනෙක ඔට්ටුවක් අල්ලා තිබිණි. ඒ ක්‍රීඩා තරගයක් පිළිබඳවයි. එක් තරගයකදී යෝජනා කරගන්නා ලද එම ක්‍රීඩකයා ජයග්‍රහණය කළහොත් නියමිත ගුරුවරයා විසින් ඔහු කරේ තබාගෙන පිට්ටනිය වටේ රවුමක් ගෙන යා යුතු ය. ක්‍රීඩකයා ජයග්‍රහණය කළේ ය. යෝජනා පරිදිම ප්‍රීති ඝෝෂා මැද ශිෂ්‍යයා ගෙන යනු ලැබිණි.

මෙලෙසින් ධීර වීර විදුහල්පතිවරු ද, ගුරුවරු ද ශිෂ්‍යයින් මනා කොට රැක්කාහ. ශිෂ්‍යයින් වෙනුවෙන් කාල සටහන් සෑදීමට පැමිණි ගුරුවරු දිවා රෑ ගතකරමින් ප්‍රධාන ශාලාවේ නිදිගත්හ. පොලීසිය හා බාහිර ප්රශ්නවලදී විදුහල්පතිතුමෝ තම දරුවන්ට හිරිහැර කරනු වැළකූහ.

සෑම මසකම නාට්‍යාගාරය නාට්‍යවලින් පිරී ගියේ ය. 'දුටුගැමුණු චරිතය' අාදී නාට්‍ය කතාංගවලින් ඔවුහු ප්රමෝදයට පත් වූහ. නිතර ම පවත්වන ලද ප්‍රදර්ශනවලින් ශිෂ්‍ය දක්ෂතා ඔප් නැංවුණි. ඒ සෑමකෙකට ම අසල්වාසී සහයෝගීතාව ලැබී තිබිණි.

විද්‍යාලය වෙනුවෙන් ශිෂ්‍ය ජීවිත පිදූ ඒ ඒ ශිෂ්‍ය සහෘදයෝ එය ජීවිත තෘප්තිය කොට ගත්හ. අැඳිරි වැටුණු පසු සඳ එළිය ඔවුනට සිසිලස ලබා දුන්නා ය. සඳුගේ පහස ලබමින් ඔවුන් ගෙවූ අසිරිමත් දිවිය අති උත්තම සහෝදරත්වයෙන් යුක්ත වූවක් විය.

ඒ ධරණි තලය මත නොයෙක් කම් කළ ඔවුනගේ සිද්ධි ඒ ගොඩනැගිලි හා මහා වෘක්ෂයන් අතරතුර රැඳී තිබේ.

හෙට එළඹෙන විශ්වය වෙනුවෙන් ඔවුහු සූදානම් වූහ. ජීවිතය පිළිබඳ පෘථුල අධ්‍යාපනයක් ලදහ. ඒ තුළින් අනාගත විශ්වය උදෙසා ඔවුහු කැප වුණාහ. අපට මෙම විස්තර සැපයූ හිටපු විදුහල්පතිවර රාජපක්ෂ මැතිතුමා, විදුහල්පතිවර පුංචි නිලමේ මැතිතුමා අාදි ශිෂ්‍ය හැරී ගුණවර්ධන මහතාද කියූ තවත් බොහෝ දේ දුක්ඛාර්ථය හෙළි කරමින් අපගේ සන්තානගතව පවතී.

එම සොහොයුරෝ නොයෙක් දේ කළාහ. වැදගත් යමක් කරන්නට උත්සාහ දැරූහ. අදීන ව, අව්‍යාජ ව, බලලෝභීත්වයෙන් තොර ව කළ බොහෝ දේ පිළිබඳ ව මේ මිහිකත සාක්ෂ්‍ය දරන්නේ ය. අනාගත විශ්වය වෙනුවෙන්ද යමක් කිරීමේ ශක්‍යතාව ඔවුන් තුළ පවතී. සිදු විය යුතු බොහෝ දේ වෙනස් කරන්නටත් සමාජය යහපතට ගෙන යන්නටත් ඔවුනට හැකියාව තිබේ. තවත් දරුවන් එන තුරාවට බලා සිටින බණ්ඩාරනායක මෑණිය හෙටට ද හොඳ දරුවන් බිහි කරන්නී ය. ඒ දරුවෝ මුළු විශ්වය ම මෙයට වඩා හාෙඳ තැනක් කරනු අැත. ඒ සඳහා වූ හා පරිචයෙන් හා ඥානයෙන් ඔවුහු නිරන්තර ව සන්නද්ධ ව සිටිති.

පුෂ්පකුමාර ගුණවර්ධන ( 12 වසර J)

ප්‍රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.com0tag:blogger.com,1999:blog-6874961596235311462.post-15609521801198622332016-10-17T00:40:00.000-07:002016-10-20T01:56:13.803-07:00සකිසඳමඬල : බ්ලොග් අවකාශයේ 'අාදි බණ්ඩාරනායක' මුද්‍රාව

ගම්පහ, බණ්ඩාරනායක විදු මව් තුරුලෙන් සමුගෙන හරියටම විසි වසරකි. නමුත් විදුබිම පිළිබඳ මතකයන් තවමත් අලුත් ය. ගම්පහ-යක්කල පාරේ යනෙන අතරතුර පාසලේ වසර නවයක මතකයන් අලුත් වන්නේ නිරායාසයෙනි.

වේදිකා නාට්‍යයක් නැරඹීමට හෝ සංගීත ප්‍රසංගයක් නැරඹීමට ඉඳහිට සති අන්තයක විදුහලට පැමිණෙන විටෙක ඒ ඉපැරණි විදු මව් සුවඳ ඔස්සේ සිතිවිලි නිදහසේ සැරිසරයි. 6 සිට 13 වසර දක්වා අකුරු කළ පංති කාමර සොයා සෙමින් පියවර නඟමි. වීරසිංහ මිස්, කුසුම් ඒකනායක මිස්, රණසිංහ මිස්, නන්දා මිස්, රෝහිණී මිස්, කුසුමා මාලනී මිස්, පෙරේරා සර්, මහින්ද සර්, ජයසේන සර්, බාලසූරිය සර්, දේවගිරි සර්, අනිල් සර්, සුදම් සර්, ජිනදාස සර්, චන්දානන්ද හාමුදුරුවෝ, සද්ධානන්ද හාමුදුරුවෝ පංති කාමරවල උගන්වන හඬ තවමත් අැසෙන්නාක් මෙනි. පුස්තකාලයේ 'බීටා මිස්' තවමත් 'නම' කියා අමතන්නාක් මෙනි.

6 වසරේ සිට එකා මෙන් සිටි මිතුරු සමූහයා සිහියට එයි. පාසලෙන් සමුගෙන වසර 3කට පමණ පසු වේලාසන ම ජීවිතයෙන් නික්ම ගිය 'සමරනායක' සිහිවෙයි. සිතෙහි කඳුළක් නළියයි. වසර දෙකකට පමණ රෝගාතුර ව සිට ජීවිතයෙන් සමුගත් 'බෝගහගේ' මතකයට එයි. අැසෙහි කඳුළක් තෙරපෙයි.

එවක උදෑසන හා අැතැම්විට විවේකකාලයේ අප ලැග සිටින ඉපැරණි අරලියා ගස් පෙළෙහි සලකුණකුදු නැත. විලෝගස් මැදි කරගෙන තිබූ පොකුණ, එහි සිට විශාල කාෆ් මාලුවා දැන් මතකයක් පමණි. පහළ වැලි පිට්ටනිය, එහි කෙළවර වූ ඔට්ටපාලු අඹරන විසල් රබර් ගස කෝ කොහිද? එවක 1.30ට පෙර පාසලෙන් පනින ''නීතිවිරෝධී මාර්ග'' අද නීත්‍යානුකූල මාර්ග බවට පත්කර තිබෙන සේ ය.

ක්‍රීඩාංගණයේ සිට පෙරදිග තූර්යවාදක ඛණ්ඩයේ සොයුරන්, ටී.එම්. ජයරත්නගේ 'නාමල් පිපිලා මේ වැව් ඉවුරේ'' ගීතය වාදනය කරන හඬ සිහිනයකින් මෙන් අැසෙයි. චමින්ද අයියා ශිෂ්‍ය භට ඛණ්ඩයට අණ දෙමින් සිටින අතර, අන්තිම 'න්' යන්න කියැවෙන තුරු සූදානම් ව සිටි අයුරු මැවී පෙනෙයි.

ශිෂ්‍ය උද්ඝෝෂණ අතර කඳුළු ගෑස් වැදී පාර අසල සිට විදුහල් මිදුලට දිව එන දරුවන් දෙස විදුහල්පති උඩුගම්පල සර් සහ පුටුපාගල හාමුදුරුවෝ උපේක්ෂාවෙන් බලා හිඳිනු මැවී පෙනෙයි. ප්‍රධාන ගොඩනැගිල්ලේ දකුණු කෙළවරෙහි එවක අ.වි.ශි.බ.ම. දැවැන්ත පෝස්ටරය අලවා තිබෙන තැන අද අැමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් සිය පුත්‍රයාගේ ගුරුතුමාට ලියූ ලිපිය අලවා තිබේ.

කෙළවරක් නැති මතකයන්, කෙළවරක් කළ නො හැකි මතකයන් අතර සිතිවිලි නිදහසේ සැරිසරයි.

බිත්තිපුවත්පත්, සඟරා, කලා උළෙල... මැවී පෙනෙයි. ප්‍රධාන ශාලාවේ වේදිකාවේ රැව් දෙන චමින්ද විජේසිංහ අයියාගේ ගැඹුරු හඬ තවමත් අෑතින් අැසෙයි. ටෝෂා අයියාගේ කාටූන් බිත්ති පුවත්පතේ එබී බලයි. ලක්ශාන්තගේ සඳැස් කවක් බිත්ති පුවත්පතේ තව ම විරාජමානව හිඳී. ජනක හා බන්දුල අයියලාගේ වේදිකා නාට්‍යයක් තවමත් වේදිකාවේ රඟ දැක්වෙනු පෙනෙයි.

ප්‍රදර්ශනයක් සඳහා සූදානම් වීමට පාසලේ රැය ගෙවන රාත්‍රියක අසල කනත්තේ වූ මල් වඩම් පසුදින අසල්වැසි පාසල් ගේට්ටු අසල තිබෙනු පෙනෙයි.

පාසලින් හදිසියේ පැනයන හදිසි දොරටු ! පෙ.ව.10.30 දර්ශනයට පෙර පාසලින් හදිසියේ පනින්නට යන මිතුරකු අතරමඟ හමුවෙයි. 'මචං ප්‍රින්සිපල්ල දෙන්නෙකුට මේ ඉස්කෝලේ රාජකාරි කරන්න බැහැනෙ. ඉතිං මං යනවා.... ක්ලාස් එකේදි හවස හම්බවෙමු...'' තාප්පයෙන් පනින ගමන් උෟ කියනු අැසෙයි.

විශේෂ අවශ්‍යතා පිණිස අැතැම් පාසල් අැරෙන තුරු නො ඉවසිල්ලෙන් සිටි දවස් ! ගම්පහ වල බහින බහිතයගේ කඩේ !

මතකයන් ! අමතක කළ නො හැකි මතකයන් !!

ඉදින් වේගයෙන් ඉපැරණි ව යන ඒ සොඳුරු දවස් ගැන මතකයන් අලුත් කරගන්නට, ලොව විවිධ රටවල වෙසෙන, විවිධ වෘත්තීන්හි යෙදෙන බණ්ඩාරනායක විද්‍යාලයේ අාදි ශිෂ්‍ය සමූහයා සයිබර් අවකාශයේ එක තැනෙක රොද බඳින බ්ලොග් අඩවියක් අැරඹීමේ සිහිනය මා සිත ඉපදුණේ මාස කිහිපයකට පෙර ය. 'සකිසඳමඬල' ලෙස මේ එළිදැක අැත්තේ ඒ සිහිනයයි.

'සකිසඳමඬල' මගේ බ්ලොග් අඩවිය නො ව, 'අපේ බ්ලොග් අඩවිය' ලෙස හඳුන්වන්නට මා කැමති ය. බණ්ඩාරනායක විදුබිමේ 'අාදි වාසීන්ට' ලියන්න කියන්න, අනෙක් සහෝදර වර්ගයා අතර බෙදාගන්නට දෙයක් තිබේ නම්, 'සකිසඳමඬල' ඒ වෙනුවෙන් විවෘත ය.

එසේ ම, විද්‍යාලයේ වර්තමාන පුවත් ද, වර්තමාන සිසු සොයුරන්ගේ හැකියාවන්, දක්ෂතාවන් හා ජයග්‍රහණ ගැන ද සටහන් කරන්නට 'සකිසඳමඬල' කැමැති ය.

යෝජනා, අදහස් වෙනුවෙන් හැම විට ම 'සකිසඳමඬල' විවෘත ය.

ලියන්න. එවන්න. සුදුසු පරිදි සංස්කරණය කොට ඒවා 'සකිසඳමඬල'හි පළවනු අැත.

sakisandamadala96@gmail.com

ප්‍රභාත් චින්තක මීගොඩගේ http://www.blogger.com/profile/16937773734846188355noreply@blogger.com1